ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

December 11, 2020 at 11:20 AM

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 වෛරසය ආසාදිත වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වනවා.

මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,981ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,206ක්.

ඊයේ දිනයේදී ද කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ :