අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 762ක්

December 11, 2020 at 8:06 PM

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,375ක් වේ.

මේ වන විට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,398ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යා 22,831ක්.