වසර 800 කට පසුව පෘථිවියට සමීපව පෙනෙන ” නත්තල් තරුව”

December 10, 2020 at 11:36 AM

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම මේ මස 16 සිට 25 දක්වා සිදුවන බව නාසා ආයතනය පවසනවා.

කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400 ක්.

එය පෘථිවිවාසීන්ට ඉතාමත් සමීපව දර්ශනය වන අතර, මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර විස්සකට වරක් සිදුවුවද, මෙවර මෙතරම් සමීප ලෙස දර්ශනය වන්නේ වසර 800 කට පසුව බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 මාර්තු 04 වෙනිදා බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.