කොවිඩ් ආසාදනය වී මියගිය බිලිඳා ගේ දේහය භාර නොගත්තාද ? පියා මාධ්‍යයට හෙළි කළ සත්‍ය කතාව (VIDEO)

December 10, 2020 at 11:15 PM

පසුගියදා කොව්ඩ් වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ දින 20ක් වයසැති බිලිඳා ගේ දේහය භාර ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් නොවූ බවට පළවන වාර්තා අසත්‍ය බව එම බිලිඳා ගේ පියා සඳහන් කර සිටිනවා.

ඔහු සඳහන් කලේ තම දරුවා මිය යාමෙන් අනතුරුව රෝහල් බලධාරින් විසින් තමන් ගෙන් අත්සනක් ඉල්ලා සිටිය බවත් දරුවා ගේ දේහය භාර දෙනවාද කියා විමසු අවස්ථාවේදී එය එසේ සිදුකළ නොහැකි බව දැනුම් දුන් බවයි.

පසුව තමාගේ ඥාතියෙක් ද රෝහලට පැමිණ බලධාරීන් සමග සාකච්ජා කළ බවත් එහිදී ඔහුට ද භාරකරු වශයෙන් දරුවාගේ ලියවිලි සඳහා අත්සන් තබන ලෙසට දැනුම් දී සිටියත් ඔහු එය එසේ සිදුකර නොමැති බවයි මියගිය බිලිඳා ගේ පියා සඳහන් කර සිටින්නේ.

වීඩියෝ :

https://fb.watch/2i5-jWgDxn/