ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට “කොවිඩ් පැණිය”

December 10, 2020 at 5:02 PM

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවන ලද කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂධය අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිළිගන්වා තිබෙනවා.

එම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිට ඇති අතර එහිදී එම පිරිස එම ඖෂධය පානය කරන අයුරු දැක්වෙන ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මීට‍ පෙර මෙම ඖෂධය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ද පානය කරන අයුරු මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණා.

එමෙන්ම මෙම ඖෂධය පසුගිය දා නොමිලේ බෙදා දීමට කටයුතු කිරිම හේතුවෙන් කෑගල්ල ප්‍රදේශයට දහස් ගණනක ජනතාවක් එක්වූ අතර පසුව ප්‍රාදේශීය ලේක්ම්වරයාගේ උපදෙස් මත එම බෙදා දීම අත්හිටුවීමට ද සිදුවුවා.