සුදු හාමුදුරුවන්ට මොකද වුණේ?

December 9, 2020 at 8:51 PM

ගාල්ල දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ අතුරුදන් වූ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය ඊයේ රාත්‍රී දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි.

පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැත.

පසුව දොඩන්දූව කලපුවේ තිබී උන්වහන්සේගේ දේහය හමුව තිබේ.

උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා ගෙළෙහි සිමෙන්ත ගලක් ද ගැට ගසා තිබුණි .

මහේස්ත්‍රාත් පරීක්ෂණ යෙන් පසු පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.