ජනවාරි 01 වෙනිදා සිට කොට්ටාවෙන් ඇරඹෙන ‘‘පාර්ක් ඇන්ඩ් රයිඩ්‘‘ ක්‍රමවේදය

December 9, 2020 at 1:24 AM

සුවිශේෂි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගි බස් රථ සේවාවක් සහිතව ‘‘පාර්ක් ඇන්ඩ් රයිඩ්‘‘ ක්‍රමවේදය ජනවාරි පළමුවැනිදා සිට කොට්ටාව, මාකුඹුරේ සිට ආරම්භ කරන බව වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුවේදි අධිවේගී මහමාර්ග, වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශ වැය ශිර්ෂයන් විවාදයට ගනු ලැබු අවස්ථාවේදි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

කොවිඩ් වෛරසය හේතුවෙන් සංචාරක කර්මාන්තය මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බවත් සංචාරකයින් ප්‍රවාහනය කිරීමට යොදා ගත් පෞද්ගලික අංශයේ බස් රථ පළමුව මෙම “පාර්ක් ඇන්ඩ් රයිඩ්” වැඩසටහනට යොදා ගන්නා බවත් ඒ සඳහා බස් හිමියන්ට කිලෝමීටරයක් සඳහා නියමිත මුදලක් ගෙවීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.