මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවයි

December 9, 2020 at 8:55 PM

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 694ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදන මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය වන විට කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800ක් වනවා.