පළමු වරට දිනක් තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 500ක් වාර්තා වෙයි

December 9, 2020 at 11:13 AM

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 97 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් 55 දෙනෙකු ද අයත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,019ක්.

මිට ආමතරව ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක්, මහනුවර 40ක්, කුරුණෑගල 11ක්, රත්නපුර 15, ගාල්ල 03, අම්පාර 44ක්, කෑගල්ල 1ක්, නුවරඑළිය 06, මාතලේ 01ක් සහ විදේශ ගතව සිට පැමිණි එක් අයෙකු ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.