කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු රජයේ වියදමින්

December 9, 2020 at 9:29 AM

මියගිය පසු කොවිඩ් බව තහවුරු වන සෑම මෘතදේහයක් සඳහාම නොමිලේ මිනී පෙට්ටි දීම සහ ආදාහන වියදම් රජයෙන් දැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ ජාති, ආගම් බේදයෙන් තොර තරාතිරම නොබලා සෑම පුද්ගලයකුටම රජයේ වියදමින් මෙම සේවාව සලසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව මිනී පෙට්ටිය සහ ආදාහන වියදම් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ලබාදෙනු ඇත.

ජනාධිපතිවරයා කලින් උපදෙස් ලබා දී තිබුණේ ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් ආසාදිත මෘත ශරීර පමණක් රජයේ වියදමින් ආදාහනය කිරීමටයි.

එහෙත් නව ක්‍රියාමාර්ගය අනුව කොවිඩ් – 19 හේතුවෙන් මියයන ඕනෑම අයෙකුට ඥාතීන්ගේ හා භාරකරුවන්ගේ කැමැත්ත පරිදි රජයෙන් දෙන මෙම වරප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කරයි.

( මුලාශ්‍ර – අරුණ පුවත්පත)