ඇමෙරිකානු එන්නත පළමුවරට අනූ වියැති කාන්තාවකට එන්නත් කෙරේ.

December 8, 2020 at 12:53 PM

ඇමෙරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ විය.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දෙනු ඇති.

මෙම අවස්ථාව නැරඹීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයාද එහි පැමිණ සිටියේය.