එවරස්ට් කන්ද තවත් උස යයි.!

December 8, 2020 at 2:33 PM

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ උස සෙන්ටිමීටර 86කින් වැඩි බව නේපාල රජය අද නිවේදනය කළා.

මෙතෙක් එහි උස දැක්වුණේ මීටර් 8848ක් ලෙසයි.
ඒ 1954 වසරේ සිදුකළ මැනුම් අනුවයි.

මේ අනුව එහි නව උස මීටර් 8848.86 ක් වන බව නේපාල විදේශ අමාත්‍යංශය සඳහන් කල බව එරට මාධ්‍ය වාර්තා කළා.