කොවිඩ් පැණිය බෙදීම අත් හිටුවනවා- කෑගල්ලේ වෙදමහතා අද පස්වරුවේ කියයි

December 8, 2020 at 7:57 PM

තමාගේ කොවිඩ් මර්ධන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා අද පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පැවසීය.

ඒ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් පසුවයි.

එහිදී උපදෙස් ලැබී ඇත්තේ අදාල වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාල පැනිය බෙදාදීම නවත ලෙසයි

ඒ අනුව ඖෂධය බෙදීම අද පස්වරුවේ නතර කෙරිණ.

අද පෙරවරුවේ එම වෙදමහතාගේ දේවාලයට දහස් ගණනක් රැස්වූයේ එම ඖෂධය නොමිලේ පන්දහසකට බෙදා දෙනබවට වෙදමහතා කරතිබූ ප්‍රචාරය හෙතුවෙනි.