පොලිස් නිලධාරියාට වැන්ද තරුණයා ගේ කතාව (VIDEO)

December 8, 2020 at 11:22 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට වැටී තිබූ මුදල් පසුම්බියක් දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් අහුලාගෙන අයිතිකරුට ලබා දුන් අවස්ථාවේදී දෑස්වල කඳුළු පුරවගෙන එම පොලිස් නිලධාරියාට වැඳ මුදල් පසුම්බිය ලබා ගත් තරුණයකු පිළිබද අපූරු පුවතක් අද දින දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන් ජී.යු .වික්‍රමසිංහ (35327) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී කුඩා ලොරි රථයකින් බැස යන අයෙකුගේ මුදල් පසුම්බියක් වැටී තිබිණා .පසුව මෙම පොලිස් සැරයන්වරයා වෙනත් අයෙකු එය අහුලා ගැනීම යන අවස්ථාවේදී එය ලබාගෙන තිබේ.

පසුව පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ හරහා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා හරහා මෙය දැනුවත් කොට තිබේ.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ළහිරු සඳරුවන් සහ ඔහුගේ පියා මුදල් පසුම්බිය සොයා දඹුල්ල පොලිසියට පැමිණ ඇත.

මෙම මුදල් පසුම්බියේ ඔහුගේ හැඳුනුම්පත රියදුරු බලපත්‍රය මෙන්ම රුපියල් 30,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය සඳහන් කලේ. මේ තරුණයා දඹුල්ල පොලිසිය තුළදී හඬා වැටෙමින් කියා සිටියේ තමාට මාස කීපයක්ම වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටි බවයි .පසුව ළඟම ඥාති අයකුගෙන් රුපියල් 30,000 ක මුදලක් සොයා ගෙන තම පියා සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ජීවිතයේ පලවෙනි වතාවට එළවළු රැගෙන යෑම සඳහා පැමිණි බවයි සඳහන් කළේ.

VIDEO

https://www.facebook.com/groups/1756050648009166/permalink/3073562819591269/