සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 ඉක්මවයි

December 8, 2020 at 8:56 PM

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 797 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවත් සෙසු 567 දෙනා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,378ක් වන අතර සුවය ලද සංඛ්‍යාව 21,258ක්. දැනට රෝහල් ගත කර සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,978ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25,822ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.