මාස පහකට පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ විවෘත වේ. පළමු දිනයේම ශ්‍රීලංකන් යානයක්.

December 7, 2020 at 3:27 PM

කොවිඩ් වසංගත තත්ත්වය සමග වසා දමන ලද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ අද යලි ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කළේය.

පළමු දිනයේ ජාත්‍යන්තර ගුවන් සේවා අටකට අයත් යානා එහි පැමිණි අතර කොළඹ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් ද ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපලට ගොඩ බස්වන ලදී.