සිරිකොත සේවකයින්ගේ වැටුප් ගෙවන්න රනිල් ගෙන් මුදල්

December 7, 2020 at 1:30 PM

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ සේවය කරනු ලබන සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 03ක් ලබා දුන් බව වැඩබලන මහ ලේකම් ශ්‍යාමාල් සෙනරත් ප්‍රකාශ කර සිටිනවා.

සිරිකොත පක්ෂ මුල්ස්තානයේ සේවය කරන සේවකයින් 36 දෙනෙකුගේ නොවැම්බර් මාසයේ වැටුප් ගෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම මුදල් ලබාදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මුහුණදී ඇති අභියෝග හමුවේ වුවද පක්ෂ නායකත්වයේ වගකීම කිසිවිටකත් රනිල් වික්‍රමසිංහ මහතා අමතක නොකරන බවයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා පැවසුවේ.