මහර බන්ධනාගාර ගැටුමට අදාළ විමර්ෂණ කමිටුවේ අතුරු වාර්තාව භාර දෙයි

December 7, 2020 at 5:06 PM

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ කමිටුවේ අතුරු වාර්තාව අධිකරණය අමාත්‍ය අලී සබ්රි හට අද දිනයේදී භාර දෙනු ලැබුවා.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ එම ගැටුම්කාරී තත්ත්වයෙන් රැඳවියන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 110 කට අධික පිරිසක් තුවාල ලැබුවා.