කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී අදිනු ලබන ආරක්‍ෂිත ඇඳුම් කිහිපයක් දිය ඇලක තිබී හමුවෙයි

December 7, 2020 at 11:05 PM

ගිරිතලේ – බකමුන ප්‍රධාන මාර්ගයේ කබර බෝක්කුව ප්‍රදේශයේ දිය ඇලක දමා ගිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අදිනු ලබන ආරක්‍ෂිත ඇඳුම් කිහිපයක් එම ප්‍රදේශයේ පදිංචි ආබාධිත පුද්ගලයෙකු විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ආරක්‍ෂිත ඇඳුම් සහ මල්ලක දමා තිබු විදුරු බෝතල් කිහිපයක් තිබු බවයි එම පුද්ගලයා පවසන්නේ.

මෙම දිය ඇලේ ජලය ගිරිතලේ වැව දක්වා ගමන් කරනු ලබන අතර එම වැව සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කරන නිසා මෙමගින් සාමාන්‍ය ජනතාව දැඩි සෞඛ්‍ය අවධානමකට ලක්වන බවයි එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුව මෙම ආබාධිත පුද්ගලයා විසින් එම ඇඳුම් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.