හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයි

December 6, 2020 at 8:07 AM

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙම ග්‍රන්ථය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔහු පසුගිය සති කිහිපය තුළ කාලය වෙන් කර තිබූ අතර එය රචනා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි දැන ගන්නට තිබේ.

ග්‍රන්ථ රචනය සඳහා ඔහු වැඩි වශයෙන් ම දියතලාවේ පිහිටි සිය නිවෙස යොදාගෙන ඇත්තේ එහි ඇති නිස්කලංක වටපිටාව නිසා බව ඔහුගේ සමීපතමයෙක් පවසා ඇත්තේ.