සුරාබදු ඉතිහාසයේ සුවිශේෂී මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් හලාවතදී අත්අඩංගුවට

December 6, 2020 at 1:16 PM

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ මාරවිල, තොඩුවාව ප‍්‍රදේශයේදීයි. සැකකරුවන් ගමන් කරමින් සිටි රථ වාහන තුනක්ද සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙය සුරාබදු ඉතිහාසයේ සුවිශේෂී මෙහෙයුමක් වන බවයි දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ. ඒ එකම සුරාබදු වැටලීමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීම සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එකම ස්ථානයකින් සොයා ගැනීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.