මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 24,000 ඉක්මවයි

December 6, 2020 at 6:01 PM

අද සවස් කාලය වන විට කොවිඩ් ආසාදිතයින් 362ක් වාර්තා වී තිබෙනවා. ඉන් 285ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයින් වන අතර සෙසු 77 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,590ක් වන අතර ඉන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,993ක් වනවා. වෛරසයෙන් සුවයා ලැබූ සංඛ්‍යාව 20,460ක්.

අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,036ක්.