පැය තුනක් තුල මහනුවර භූකම්පන 03ක් වාර්තා වේ

December 6, 2020 at 8:14 AM

මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුවී ඇති අතර එම භූ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම කම්පන සිදුවී ඇත්තේ ඊයේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළයි. භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරන්නේ සියලු කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බවයි.

ඊයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුවී තිබු අතර එය පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන කිහිපයක් සිදුව තිබෙනවා.