ගාල්ලේ සියලු පාසැල් හෙට සිට වසා දැමේ

December 6, 2020 at 7:53 PM

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ  සියලුම පාසල් හෙට දින සිට දින 03ක් වසා දැමිමට මිට සුළු මොහොතකට පෙර තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා පවසනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම කොට්ඨාශයට අයත් පාසැල් 26ක් මෙසේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.