උඩවත්තකැලේ වඳුරෙකුට සිදුකළ PCR පරීක්ෂණ වාර්තාව එයි

December 6, 2020 at 7:45 AM

මහනුවර නගරයට ආසන්නව පිහිටි උඩවත්තකැලේ වනෝද්‍යානයෙන් පසුගිය දිනවල වාර්තා වූ වඳුරන් රැසකගේ මරණයට හේතුව යම් විෂක් ශරීරගත වීමෙන් බවට හෙළිවී තිබෙනවා. සන්ඩේ ටයිම්ස් වාර්තා කර සිටින්නේ එක් වඳුරෙකු ගේ සිදුකළ PCR පරීක්ෂණයේදී මේ බව හෙළිවී ඇති බවයි.

උඩවත්තකැලේ වනෝද්‍යානයේ තිබී පසුගිය දිනවල වඳුරු මළ සිරුරූ රැසක් හමුවූ අතර ඉන් එක් මළ සිරුරක් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. ඒ මෙම මරණ වලට හේතුව කොවිඩ් -19 වෛරසය ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනවාරණය කර ගැනීම සඳහායි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පිඨයේ නිලධාරියෙකු උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර සිටියේ මෙම වඳුරන්ගේ මරණයට හේතුව විෂක් ශරීර ගතවීමෙන් බවත් එය කොවිඩ් වෛරසය හේතුවෙන් නොවූ බවයි.