ලංකාවේ කාවන් පකිස්ථානයෙන් කාම්බෝජයට ගුවනින් ගිය හැටි [video]

December 5, 2020 at 12:04 PM

පසුගියදා ඉස්ලාමාබාද් අධිකරණයක් මගින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් සමග එරට මාර්ගාසාර් උද්‍යානයේ වසර තිහකටත් වඩා වැඩි කාලයක් යදමින් බැඳ සිටි  ශ්‍රී ලාකේය හස්තියා ,කාවන් මේ වන විට කාම්බෝජයේ අක්කර 25000 කට් අධික වනාන්තරයක නිදහසේ දිවි ගෙවයි.

1985 වසරේ ලංකාවෙන් ප්‍රදානයක් ලෙස පාකිස්තානය ට යැවුණු කාවන් , 1990 වසරේ තමන් වෙත ලංකාවෙන්ම එවූ ඇතින්න “සහේළි”මිය ගිය පසු තනිව ශෝකයෙන් කල්ගෙවන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වූයේ මේ ඡායාරූපය ද සමගිනි.

වන සත්ව ලෝලියක වූ චේර් නම් ලෝක ප්‍රකට ගායිකාවත් ෆෝ පෝ සංවිධානය ත් එක්ව කාවන්ගේ නිදහස වෙනුවෙන් 2016 සිට වසර 4ක් සටන් වැදිණි.

එම සටන ජයග්‍රහණය කින් කෙලවර වූයේ මාර්ගාසාර් සත්වෝද්‍යානය වසා කාවන්ව නිදහස් වනයකට මුදා හැරීමේ නියෝගයක් සමගිනි.

ඒ අනුව කාවන් කාම්බෝජයට රැගෙන ගියේ මෙලෙසිනි.

“ඔහු ඉතා පළපුරුදු ගුවන් මගියෙකු ලෙස කාම්බෝජයට ගොඩ බැස්සා. ගමන අතර මගදී හොඳින් ආහාර ගනිමින් සහ කෙටි නින්දක් ලබමින් ප්‍රීතිමත්ව ඔහුගේ ගුවන් ගමන නිමා කළා.”

ලොව බොහෝ යුද කලාප වල සතුන් මුදා ගැනීම පිළිබඳ අත්දැකීම් බහුල පශු වෛද්‍ය අමීර් කලීල් කියා සිටියි.

Kavaan the elephant being prepared for his departure to Cambodia Wildlife Sanctuary

වීඩියෝව නරඹන්න :