කොළඹින් 342ක්; ගම්පහ ආසාදිතයින් 11ට බසී.රටපුරා 7000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබයි.

December 5, 2020 at 8:32 AM

මේවනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 7000කට ආසන්න පිරිසක් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිටින බව වාර්තා වල දැක්වේ.

ඊයේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23000ඉක්මවන ලදී.

සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 16000 ආසන්නය.

ඊයේ කොළඹින් වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ග්‍රෑන්ඩ්පාස් 83ක්, දෙමටගොඩ 59ක්, වැලිකඩ 73ක් ලෙසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ද 91ක් හා කළුතරින් 44ක් ආසාදිතයින් වාර්තා වී ඇත.

දෙවෙනි කොවිඩ් රැල්ල හටගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 11කට අඩුවී තිබේ.