බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් ක් සමග අද මේ දක්වා රෝගීන් 501ක්

December 5, 2020 at 6:29 PM

අද දිනයේදී මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 501ක් දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයින් වන අතර සෙසු 182 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,060ක්. සුවය ලබා ඇති සංඛ්‍යාව 20,090ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,840ක් වනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,506ක්  වනවා.