එන්නත නිසා කොවිඩ් වෛරසය තුරන් වේ යැයි අපේක්ෂා කරන්නේ නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය

December 5, 2020 at 10:49 AM

කොරෝනා වෛරස් එන්නත් මගින් කොවිඩ් 19 ගෝලීය වසංගතය කඩිනමින් තුරන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියා සිටියේ කොරෝනා එන්නත්, වසංගතය මුළුමනින්ම අවසන් කිරීමේ කඩඉමක් නොවන බවයි.

මේ වනවිට සාර්ථක කොරෝනා එන්නත් කිහිපයක් පිළිබඳව වාර්තා වන අතර, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යයේ පොදු භාවිතයටද අවසර හිමිවුණා. මිට අමතරව, චීනය සහ රුසියාව ඔවුන්ගේ ස්වදේශීය කොරෝනා එන්නත් ජනතාවට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේ‍රඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කොරෝනා එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රගතිය හැඳින්වූයේ ‘අඳුරු උමගක කෙලවරින් මතු වූ ආලෝකයක්’ ලෙසින්.

කොරෝනා එන්නතක් තමා විසින්ද ප්‍රසිද්ධියේ ලබාගැනීමට සූදානම් බව ද ,මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් සඳහන් කර සිටියා.