අටලුගමදී සෞඛ්‍ය සේවකයින් ට කෙළ ගැසූ ආසාදිතයා රිමාන්ඩ් කෙරේ

December 4, 2020 at 11:52 AM

බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුවයි

අදාළ කොරෝනා ආසාදිතයා තමන්ව රැගෙන යාමට ආ අවස්ථාවේදී අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.
ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 දක්වා රිමාන්ඩ් කිරීමටයි නියෝග ලැබී ඇත්තේ .