PHIට කෙළ ගැසූ අටලුගම කොරෝනා ආසාදිතයා අත්අඩංගුවට ගන්නැයි නියෝග

December 4, 2020 at 10:36 AM

බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සුව අතට පත්වූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුවයි.

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.

දිගින් දිගටම මෙවැනි ආකාරයට අටලුගම ප්‍රදේශයේ ජනතාව ක්‍රියා කරන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමේ අවධානමක් තිබෙන අතර ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ කිසිදු PCR සිදුකෙරුණේ නැහැ.