මහනුවර නගර සභා බලප්‍රදේශයේ වසා දැමු පාසැල් සම්බන්ධයෙන් ගත් තීරණය

December 4, 2020 at 5:50 PM

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහ නුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටිනවා.

ලබන සඳුදා (07) දක්වා පාසැල් වසා තැබීමට පසුගිය සතියේදී ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව මහ නුවර නගර සභා බලප්‍රදේශයේ පිහිටි පාසැල් 45ක් සහ අකුරණ ප්‍රදේශයේ පාසැල් 05ක් දෙසැම්බර් 14 වෙනිදා දක්වා වසා තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මිට අමතරව කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය අද සවස 6.00 සිට හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා.