ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයින් 72ක් : ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් කොලඹින්

December 4, 2020 at 10:47 AM

දංකොටුව, හාල්දඬුවන පිහිටි ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයන් 72ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ​

මෙම ආයතනයේ සේවකයන් 52ක් කොරෝනා ආසාදිතයන් බවට පසුගිය 30 වැනිදා වාර්තා වූ අතර එදින සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයක් අනුව තවත් ආසාදිතයන් 20 දෙනකු හඳුනා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනය්දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 627 දෙනෙකු හඳුනා ගනු ලැබූ බව කොවිඩ් -19 පැතිරී ම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී ද වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 402 දෙනා සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,542ක් වනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක්, කළුතර 30ක්, මහනුවර 01ක්, කුරුණෑගල 04ක්, රත්නපුර 35ක්, ගාල්ල 15ක්, කෑගල්ල 07ක්, අනුරාධපුර 02ක්, නුවරඑළිය 01ක්, අම්පාර 14ක්, මුලතිව් 01ක්, මොණරාගල 01ක්, මාතලේ 01ක්, මාතර 02ක්, යාපනය 01ක්, විදේශ රටවලින් පැමිණ නිරෝධායනය වෙමින් සිටි එක් අයෙකු සහ පදිංචිය තහවුරු නොකරන ලද ආසාදිතයින් 44 දෙනෙකු ලෙස ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.