මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියෙකු රෝහලෙන් පළා යයි

December 3, 2020 at 7:59 AM

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරසිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එම රැඳවියා ඊයේ (02) රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර තිබේ.