ගිනිගත්හේන සහ නෝටන්බ්‍රිජ් හි ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පැනවේ

December 3, 2020 at 4:37 PM

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමුවු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොවිඩ් වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා ඇත්තේ.