වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 66කට කොවිඩ් ! අටළුගම තවත් 96ක් ආසාදිත වේ.ගම්පහ ආසාදිතයින් අඩුවේ.!

December 2, 2020 at 7:54 AM

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 66කට කොවිඩ් ආසාදිත වීඇත.

එමෙන්ම අටළුගම හුදකලා කර ඇති ප්‍රදේශයේ තවත් ආසාදිතයින් 96 දෙනෙකු ඊයේ හඳුනා ගෙන තිබේ .

මහනුවර දිස්ත්‍රික්කයේ අළුතින් 36දෙනෙකු වාර්තා වෙතත් ඒ අතර බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය වන රැඳවියන් 24ක් ද සිටී.

කොළඹ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතවයි ඒ ගණන 77කි.

මිනුවන්ගොඩ පොකුර බිහිවූ ගම්පහින්  ඊයේ වාර්තාවී ඇත්තේ ආසාදිතයින් 22ක් පමණි.