මහර සිද්ධියෙන් මියගිය පිරිසකටත් කොවිඩ් !

December 2, 2020 at 8:12 AM

මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුනතාව හේතුවෙන් මියගිය 11 දෙනාගෙන් 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හෙලි වී ඇත.

රාගමරෝහල් අධ්‍යක්ෂ වරයා පැවසුවේ මරණ සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණ වලදී ඒ බව තහවුරු වූ බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ107ක් ද රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් ද කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.