මහනුවර නාය යාමක්. “බුරවි” තව ළං වෙයි

December 2, 2020 at 1:56 PM

පවතින වර්ෂාපතනයත් සමඟ මහනුවර නගරයට ඇතුල්වන වැව රවුම් මාර්ගයේ වේල්ස් පාර්ක් හන්දිය අසල පහළ කොටස අද උදෑසන නායයාම් තත්වයකට පත්ව ඇත .

එහි ගමන් ගන්නා රථවාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස මහනුවර පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර බුරවි සුළි කුණාටුව මේ වන විට ලංකාවට කිලෝමීටර් 200-100අතර දුරකින් ලංකාව දෙසට වයඹ  ට බරව ලං වෙමින් පවතී.