කොවිඩ් වසංගතය මැද ආපදා මධ්‍යස්ථානයකදී ඔබ අනුගමනය කළ යුතු කරුණු 13

December 2, 2020 at 11:41 AM

කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග ගංවතුර නායයෑම් වැනි ආපදා හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට සිදුවුවහොත් මහජනතාව විසින් අනුගමනය කළ යුතු කරුණු 13ක් සම්බන්ධයෙන් වන උපදෙස් මාළාවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙවැනි සුරක්ෂිතා මධ්‍යස්ථානයකට පැමිණෙන කිසියම් හෝ පුද්ගලයෙකුට මිට පෙර කොවිඩ් -19 වෛරසය වැළදී සුව වූ අයෙකු හෝ නිරෝධායනයට ලක්වූ අයෙකු නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ මධ්‍යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කළ යුතු වනවා.

උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟ රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුකමකින් පෙළෙන්නේ නම් හැකි ඉක්මනින් අදාළ මධ්‍යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කළ යුතුය. එමෙන්ම එම මධ්‍යස්ථාන තුල සිටින සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට හා අවම පරතරයක් තබා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ.

මේ එම කරුණු ඇතුලත් උපදෙස් පත්‍රිකාවයි,