වසර ගණනාවක් නීතිවිරෝධී මත්පැන් පෙරූ ගමක් සිදුකළ දේ (VIDEO)

December 2, 2020 at 5:14 PM

වසර ගණනාවක් පුරා සිය ජීවිකාව ලෙස නීති විරෝධී මත්පැන් ජාවාරමෙන් මුදල් ඉපැයූ ගම්මානයක වැසියන් මින් ඉදිරියට තමන් එම නීතිවිරෝධී වෘත්තියට සමුදීමට තීරණය කළ බවසමින් මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ සහ මත්පැන් පොලිසියට භාරදීමේ පුවතක් දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දිඹුලාගල ප්‍රදේශයේ පිහිටි සොරුවිල ගම්මානයේ පදිංචිකරුවන් වූ මෙම ජනතාව පොලිසිය වෙත සිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ භාර දෙමින් කියා සිටියේ තමන් ඉදිරියේදී කෘෂි කර්මාන්තයෙන් සහ ස්වයං රැකියා මගින් සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවයි.

එම ප්‍රදේශවාසින් කලක් පුරා සිදුකර ගෙන ආ මෙම නීතිවිරෝධී කටයුතු වලින් මිදීමට තීරණය කළ ඔවුන්ට පොලිසිය ඇතුළු ආරක්ෂක බලධාරීන් ගේ ප්‍රශංසාව හිමිවුවා.

Video:

https://fb.watch/27dUMsR92d/