මහර බන්ධනාගාර ගැටුමේ දර්ශණ

December 2, 2020 at 7:49 PM

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අද දිනයේදී බන්ධනාගාර කටයුතු භාර නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලොහාන් රත්වත්තේ අද එහි සංචාරයක නිරත වුවා.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා එහි සිටි රැඳවියන් මුණ ගැසී ඔවුන් සමග සාකච්ජා කරනු ලැබුවා. ඔවුන්ගේ පවතින ගැටළු සම්බන්ධයෙන් විමසා බැලු රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තම අවධානය යොමු කරන බවයි කියා සිටියේ.

මේ අතර මහර බන්ධනාගාර ගැටුමෙන් හානියට පත් ගොඩනැගිලි නැවත පිළිසකර කරන ලෙසයි අමාත්‍යවරයා බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

මහර බන්ධනාගාරයේ පසුගියදා සිදුවූ ගැටුමේ වීඩියෝ දර්ශණ පහතින්,