අද කොවිඩ් ආසාදිතයින් 878ක් සහ මරණ 02ක් : දිනක් තුල වැඩිම ආසාදිතයින්

December 2, 2020 at 10:46 PM

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය තුල දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද දිනයේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 878ක්.

අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක් දක්වා ඉහළ ගිය අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 18,304ක්. රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,982ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇතිවූ කොරෝනා පොකුරෙන් අද වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,861ක් වනවා.

මේ අතර අද දිනයේදී ද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් ඇත.