ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඩ්‍රෝන දර්ශණ

December 1, 2020 at 10:43 PM

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණගල දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතී.

නිලධාරීන් පවසන පරිදි ලබන වසර මුලදී මාර්ගය විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර් 39.91ක් දුර ගෙවා කුරුණගලට ළඟා වීමට හැකි අතර ඊට පෙර මිරිගම, නාකලගමුව, පොතුහැර සහ දම්බොක්ක ප්‍රදේශ පසු කරනු ලැබේ

ඩ්‍රෝන් මුදියන්සේ විසින් රූගත කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණගල දක්වා වූ කොටසේ ඩ්‍රෝන් දර්ශන කිහිපයක් පහත දැක්වේ.