මහර ගැටුමෙන් මියගිය ගණන 11ට නගී

December 1, 2020 at 5:52 PM

මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

තුවාල ලැබූ පිරිසෙන් 105 දෙනෙකු රැඳවියන් වන අතර ඒ අතරට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වන විට රාගම රෝහලේ රැඳවියන් 80 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර තවත් එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.

තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙත යොමු කොට තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.