මහජන ආරක්ෂක අමාත්‍යධුරය හිමිවූ පියාට ආචාර කරන ASP පුතා (PHOTO)

December 1, 2020 at 10:15 AM

මහජන ආරක්‍ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර සුභ මොහොතින් බත්තරමුල්ලේ සුහුරුපාය පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඊයේ සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් මොහොතේ අමාත්‍යවරයාගේ පුත් සචිත‍්‍ර වීරසේකර විසින් තම පියාට ආචාර කළ අවස්ථාව දිවයින පුවත්පතේ ජායාරූප ශිල්පීවරයා විසින් මෙසේ සිය කැමරා කාචයේ සටහන් කර ගෙන තිබුණා.

සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර වෛද්‍යවරයෙකු ලෙස පොලිස් රෝහලේ සේවය කරනු ලබනවා.

මේ අවස්ථාව සඳහා චමල් රාජපක්‍ෂ, ජනක බණ්ඩාර යන අමාත්‍යවරුන් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

( දිවයින පුවත්පත)