දෙදෙනෙකුට මරු කැඳවූ ටිපර් යතුරුපැදි අනතුර (VIDEO)

December 1, 2020 at 10:54 AM

පෙළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඳුරුවෙල නගරයේ දී අද අලුයම 2.45ට පමණ සිදුවු රියඅනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති අතර, තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොළොන්නරුව ඕනෑගම හා කාලිංගඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක හා 17ක තරුණයින් දෙදෙනෙකි.

යතුරුපැදිය කඳුරුවෙල සිට පොළොන්නරුව දෙසටත් ටිපර් රථය පොළොන්නරුවේ සිට කඳුරුවෙල දෙසටත් ධාවනය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.