LPL තරගාවලිය මැද ඉසුරු උදානගේ අලුත් රැකියාව (VIDEO)

November 30, 2020 at 3:05 PM

මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට බලධාරින් සහ ක්‍රීඩකයින් දැඩි කැපවීමෙන් යුක්තව කටයුතු කරනු ලබනවා.

වත්මන් කොරෝනා තත්ත්වය හේතුවෙන් LPL තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ට බාහිර සමාජය සමග මුසුවීමට ඉඩ අවකාශ හිමිනොවිම හේතුවෙන් ක්‍රීඩකයින්ට අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කිරිමට සිදුවීම මිට හේතුව වී තිබෙනවා.

කලම්බු කින්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඉසුරු උදාන සිය කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් ගේ කොණ්ඩය කපන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.