බෝගම්බර බන්ධනාගාරයෙන් පනින්න හැදු 4ක් අහසට වෙඩි තබා අල්ලා ගනියි

November 30, 2020 at 9:14 AM

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා.

බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ මෙලෙස අහසට වෙඩි තබා ඇත. ඊයේ අලූයම එකට පමණ බන්ධනාගාරයේ එළිමහන් කොටසට පැමිණි මෙම රැදවියන් දිවයෑමට හෝ තාප්පයෙන් පැන යෑමට උත්සාහ කරනු ඇතැයි යන සැකය මත බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ.

මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පලා යෑමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ එක් අයකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 310 ක් පමණ සිටින බවද වාර්තා වෙයි.

( දිවයින වෙබ් අඩවිය)