රැඳවියන් ගේ ඥාතීන් මහර බන්ධනාගාරය අසලට එක්වෙයි (VIDEO)

November 30, 2020 at 1:24 PM

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් රැසක් මේ වන විටත් බන්ධනාගාරය අසලට රැස් වී සිටිනවා.

සිද්ධිය වාර්තා වීමත් සමග අද අළුයම සිට ඥාතීන් බන්ධනාගාරය අසලට පැමිණියා. ඒ අතරින් බහුතරය කාන්තාවන්. ඔවුන් එළෙස පැමිණ තිබුනේ කුඩා දරුවන්ද ඇතුළු 100 කට අධික පිරිසක් එහි සිටින බවයි සඳහන් වන්නේ.

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ බලකාය හා පොලිසිය යොදවා තිබෙනවා.

බන්ධනාගාරය තුල සිටින තම හිතවතුන් දැකීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ඔවුන් ආරක්ෂාවට යොදා සිටින ආරක්ෂක බලධාරීන් අතර උණුසුම් වාචන හුවමාරුවක් ද සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.