හෙට සිට සතියක් දඹුල්ල අධ්‍යාපන කළාපයේ පාසැල් වසා තැබේ

November 29, 2020 at 1:12 PM

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට‍ (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කර සිටිනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.